අපි ඉලක්ක ඉක්මවා බදු එකතු කරගත්තා…මේක ඉතිහාසගත ජයග්‍රහණයක්…! – නි. ඇමති නිශාන්ත ජයවීර…

December 15, 2025 at 3:18 pm | by emanisa.lk

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ බිලියන 50ක ඉක්මවා බදු ආදායම් උපයාගත හැකි බව ආර්ථික සංවර්ධන නි. අමාත්‍ය යූ.ඩී. නිශාන්ත ජයවීර පවසයි.

නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේම සුවිශේෂ ජයග්‍රහණයක් බවයි.

බදු පදනම පුළුල් කර බදු ආදායම වැඩි කරගෙන ඉදිරියේ දී බදු ප්‍රතිශත අඩු කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම සඳහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *