අපි ඉන්නේ රට ගොඩදමන වැඩපිළිවෙළක….ඇමැතිකම් කියන්නේ වගකීම් විතරයි…! – නාමල් කරුණාරත්න…

November 20, 2024 at 7:12 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා රටේ පාලන බලය ලබා දුන් ජනතාවට ස්තූතිවන්ත වන බවත් එම ජනතා පැතුම් සපුරාලමින් රට ගොඩදැමීමට කටයුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න පවසයි.

රට ගොඩනැඟීමේ සාමුහික ක්‍රියාදාමය තුළ තමන් සිටින බවත් එහි තනතුරු වගකීම් බෙදා ගැනීම පිළිබඳ තමන් කිසිදා සිතා නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඇමැතිකම් යනු වගකීම් වන අතර ඒවා ලැබීම හෝ නොලැබීම තුළ කිසිදු වෙනසක් නොමැති බවත් තමන් දේශපාලනය කළේ එවැනි වරප්‍රසාද බලාපොරොත්තුවෙන් නොවන බවත් නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

නාමල් කරුණාරත්න වෙත කැබිනට් අමාත්‍ය තනතුරක් නොලැබීම පිළිබඳ මාධ්‍ය ප්‍රශ්න කළ විට ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *