අප්‍රේල් මස සහන මල්ලක්…! බදු තෙල් ගෑස් මිල පහළට…!

March 3, 2024 at 4:41 pm | by emanisa.lk

ලබන අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව බදු ක්‍රමයේ විශාල වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති අතර දැනට පවතින 18% ක වැට් බද්ද 15% දක්වා නැවත අඩු කෙරෙනු ඇතැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව සැලසුම් සකසමින් සිටින බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් තෙල් සහ විදුලිය සහන මේ මස ලබාදීමට ආණ්ඩුව මීට පෙර සූදානම් වී සිටියත් අප්‍රේල් මාසයේ මෙම සහන මල්ල සමඟ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *