අප්රිකානු සූකර උණ 2023 වසරේ ලංකාවේ පැතිරෙන බව වාර්තා වුව ද එවක රජය සහ බලධාරීන් එය පාලනය කිරීමට පියවර ගෙන නැතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී සමන්ත සූරියආරච්චි පවසයි.
මේ නිසා අද වන විට ලංකාවේ සූකර ගොවිපොල සියල්ල මුළුමනින්ම විනාශ වී ඇති බවට මන්ත්රීවරයා චෝදනා කරයි.
වර්තමාන ආණ්ඩුව විෂයභාර ඇමැතිවරයා ඇතුළු සියලු පාර්ශ්ව එකතු කරගෙන මෙම ගැටලුව විසඳාගෙන නැවත එම කර්මාන්තය නඟා සිටුවීම සඳහා කටයුතු කරන බව ද සමන්ත සූරියආරච්චි ප්රකාශ කරයි.