අනුර හරි නම් විජේවීර අමු ද්‍රෝහියෙක්…. විජේවීර හරි නම් අනුර පාවා දෙන්නෙක්…! – රාජිත සේනාරත්න…

April 9, 2025 at 6:48 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අනුර දිසානායක නිවැරදි නම් විජේවීර යනු මහා ද්‍රෝහියෙකු බොරුකාරයෙකු බවයි, ඔහු අවධාරණය කරන්නේ.

රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය හඳුන්වා දෙමින් 13 වන සංශෝධනයට සහ පළාත් සභාවලට එරෙහිව රට ගිනි තැබූ රෝහණ විජේවීර සහ ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරමින් තිරිකුණාමල තෙල් ටැංකි, සාම්පූර් බලාගාර ව්‍යාපෘති ඉන්දියාවට ලබා දෙන අනුර දිසානායක යන දෙදෙනාම එක වර නිවැරදි විය නොහැකි බවයි.

YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *