අනුර වගේ ම පාඨලිත් අන්ත දූෂිතයි… බොරු නම් නඩු පවරනු…! – දිලිත් ජයවීර…

June 2, 2024 at 9:59 am | by emanisa.lk

අනුර දිසානායක මෙන්ම පාඨලී චම්පක රණවක ද අතිශය දූෂිත පුද්ගලයන් බව දිලිත් ජයවීර පවසයි.

තමන් වෙත අනුර දිසානායක සහ පාඨලී චම්පක රණවක එල්ල කරන වංචා දූෂණ පිළිබඳ උපුල් ශාන්ත සන්නස්ගල සමග පැවැත් වූ සාකච්ඡාවක දී විමසූ අවස්ථාවේ ඔහු මේ බව කීය.

මව්බිම ජනතා පක්ෂයේ නායකයා පවසන්නේ හැම හොරෙක් ම අනෙක් සියලු දෙනාට හොරු යැයි චෝදනා කරමින් යම් මානසික තෘප්තියක් ලැබීමට උත්සාහ කරන බවයි.

එහෙත් තමන් මේ දෙදෙනාට එල්ල කරන චෝදනා පිළිබඳ විවාදයකට සූදානම් බවත් අවශ්‍ය නම් අපහාස නඩු පවරන ලෙස තමන් අභියෝග කරන බවත් දිලිත් ජයවීර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *