මෑතක් වන තුරු ජනාධිපති අනුර දිසානායකගෙන් නව ව්යවස්ථාවක් ඉල්ලා සිටි තමන්ට දෙස් විදෙස් මිතුරන් කතා කර පරුෂ වචනයෙන් බැණ වදින බව නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.
“මම එක් අවස්ථාවක යූටියුබ් සාකච්ඡාවකට සහභාගී වී අනුර ඔබ විපක්ෂයේ සිටියදී පොරොන්දු වූ ආකාරයට නව ව්යවස්ථාවක් හඳුන්වා දී මේ මජර ක්රමය වෙනස් කිරීම සඳහා පියවර ගතහොත් ශ්රී ලාංකික බහුතර ජනතාව ඔබට මල් පුදා වන්දනාමාන කරනු ඇතැයි යන්න ප්රකාශ කරන ලද අතර,ඊට පසු දිගින් දිගටම යූටියුබ් සාකච්ඡාවල සහ මගේ මුහුණු පොතේ අලුත් ව්යවස්ථාවක් කලින් පොරොන්දු වූ පරිදි නිර්මාණය කරන ලෙස ඇවිටිලි කරන ලදී.
මේ මගේ ආයාචනයන් දුටු දෙස් විදෙස් දේශපාලන සාක්ෂරතාවයෙන් යුත් අය මෑතක සිට මට දුරකතනයෙන් සහ පුද්ගලිකව මුණ ගැසුණු අවස්ථාවලදී “උඹට පිස්සුද යකෝ! මේ වගේ උන්ගෙන් අලුත් ව්යවස්ථාවක් හදන්න ඉල්ලීම් කරන්නේ! පේනවා නේද 22 සංශෝධනය, පේනවා නේද ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත, පේනවා නේද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත වගේ මීට සියවස් ගණනකට පෙර වහල් යුගයේ මෙන් මිනිසුන්ගේ අයිතිවාසිකම් හකුලන,අධිකරණයේ තිබූ බලතල විධායකයේ රෙද්ද අස්සේ ගසන නූතන යුගයේ නොපනවන ආකාරයේ මර්දන නීති ගෙන එමින් ඒවා පාපිසි 159 ක් ලවා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා උන් ලවා අලුත් ව්යවස්ථාවක් නිර්මාණය කර ගතහොත් හොඳට තියේවි.
මුන් හැදුවොත් ඉතින් ලෝකයේ තියෙන දරුණුම ඒකාධිපතියා බිහි කරන ව්යවස්ථාවක් නිර්මාණය කරනු ඇත යන්න පවසා තෝ! කට වහගෙන හිටු! යනුවෙන් පවසා පැලවත්ත නීති සම්පාදකයන් විසින් ව්යවස්ථාවක් නිර්මාණය කළ හොත් ජේ.ආර්ගේ ව්යවස්ථාව කොතරම් යහපත් එකක් ද යන්න උඹට තේරුම් යනු ඇත.” යනුවෙන් ප්රකාශ කරන ලදී.
ඒ නිසා අනේ දෙයියනේ! අනුර කුමාර දිසානායක මැතිතුමනි! මෙන්න වැන්දා ජේ.ආර් ගේ ව්යවස්ථාව අපිට හොඳටම හොඳයි ! අලුත් ව්යවස්ථාවක් නම් හදන්න එපෝ!”