අනුර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය අත්පත් කර දීමේ මෙහෙයුමේ මූලික කාර්යභාරයක් ඇමරිකාව සිය රාජතාන්ත්‍රික බලපෑම් ඔස්සේ සිදුකළ බව දකුණු ආසියානු භූදේශපාලනය පිළිබඳ කීර්තිමත් විශේෂඥයකු වන ඉන්දියානු මහාචාර්ය එස්.ඩී. මුනී පවසයි.
මෙම ආණ්ඩු පෙරළිය සඳහා බොහෝ දෙනා ප්‍රකාශ කිරීමට අකමැති තරම් දැඩි විදෙස් බලපෑමක් එල්ල වූ බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි.
ජනාධිපති අනුර දිසානායක මේ වන විට මතවාදාත්මක වශයෙන් වෙනස් පුද්ගලයෙකු බවට පත්ව ඇති අතර විප්ලවකාරී අදහස් වෙනුවට ප්රජාතන්ත්රවාදී වටිනාකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සාහ කරමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩකාරී මානසිකත්වයෙන් මුදවා ප්රජාතන්ත්රවාදය වෙත නැඹුරු කරවීමේ ගෞරවය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වෙත හිමි විය යුතු බවයි, මහාචාර්ය මුනී ප්‍රකාශ කළේ.
ඉන්දියානු බලපෑම් සමග ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට එම ස්වභාවයෙන් බලාත්මක කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත් සියලු ජන කොටස් එකම ජාතියක් ලෙස ගොඩනැඟීම උදෙසා නව ප්‍රවේශයක් අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
මහාචාර්ය එස්.ඩී. මුනී මේ බව ප්‍රකාශ කළේ ප්‍රකට ඉන්දියානු විශ්වවිද්‍යාලයක දේශනයක් පවත්වමිනි.