උතුම් ශ්‍රී දළදා වහන්සේ රැක ගත්තේ කීරවැල්ලේ පරම්පරාව බව මාධ්‍ය වේදී ලාල් හිදල්ලගේ පෙරේරාපවසයි.
ජනාධිපති අනුර දිසානායක යනු එලෙස දළදා වහන්සේ රැකගත් පරපුරේ නූතන උරුමක්කාරයා බවයි, ඔහු ප්‍රකාශ කළේ
එය මෙතෙක් ලංකාවේ කිසිදු ඉතිහාසඥයකු හෙළි කොට නොමැති බව ද ලාල් හිදල්ලගේ පෙරේරා ප්‍රකාශ කරයි.
අනුර දිසානායක යනු රාජ කුමාරයෙක් නොව ගමේ කොල්ලෙක් යැයි සමහරු කීව ද තමන් ඔහු රාජ කුමාරයෙක් යැයි සඳහන් කරන බව ද හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ අදහස පහළ වන්නේ ද එතුමා දිසානායක මුදියන්සේලාගේ කීරවැල්ලේ පරම්පරාවේ නිසා බවත් ඉදිරියේ දී මේ සියලු විස්තර රටට හෙළිදරව් කරන බවත් ලාල් හිදල්ලගේ පෙරේරා සඳහන් කරයි.