අනුර ඉන්දියාවට ගිහින් කීවේ රටේ කිරි හරක් ටිකත් විකුණං කන්න විරුද්ධ නෑ කියලා..!

February 25, 2024 at 8:31 pm | by emanisa.lk

ජාතියේ පෝෂණයේ සංකේතය වන කිරි හරකා ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව සූදානම් වන බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

මේ අපරාධය සඳහා ඉඩ ලබා දුනහොත් ජාතියේ ඉතිහාසය ලියවෙනු ඇත්තේ කිරි හරකත් විකුණං කෑ රටක් ලෙස යැයි හෙතෙම අවධාරණය කරයි.

රතු රෝස නායකයින් ටයි දමා නොගැලපෙන කෝට් බෑයක් හැඳ ඉන්දියාවට ගොස් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ රටේ කිරි සම්පත විකුණා දැමීමට තමන් විරුද්ධ නොවන බව ප්‍රකාශ කොට ඇතැයි ද දිලිත් ජයවීර චෝදනා කරයි.

රටේ කිරි ගොවියා ඇතුළු ගොවි ජනතාව රැක ගැනීම සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් සිය පක්ෂය ඉදිරිපත් කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

අද (25) පොළොන්නරුවේ පැවැති මව්බිම ජනතා පක්ෂ සමුළුව අමතමින් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *