අනුරලගේ සල්ලි තියෙන්නේ මෝල්ටාවේ නෙමෙයි බ්‍රිටිෂ් වර්ජින් දූපතේ…! – විදර්ශන කන්නංගර…

August 17, 2023 at 5:04 pm | by emanisa.lk

අනුර-ටිරාන් සන්ධානය මෝල්ටාවේ මුදල් විශුද්ධිකරණ අයෝජනයක් කළ බවට දුමින්ද නාගමුව කළ හෙළිදරව්ව පිළිබඳ සමාජ මාධ්‍යවල විශාල ආන්දෝලනයක් මතුව ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ විදර්ශන කන්නංගර පවසයි.

තමන් දන්නා තරමින් මෙම ආයෝජනය සිදුකර ඇත්තේ මෝල්ටාවේ නොව බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්වල බවයි, ඔහු සඳහන් කළේ. ටිරාන් අලස්, ධම්මික පෙරේරා වැනි දූෂිත ව්‍යාපාරිකයින් සමග පවතින සබඳතා හෙළිදරව් කරන්න යැයි ප්‍රකාශ කළ විට අනුර දිසානායක කැලණියේ දී “අපට ඕන නම් බනිනවා” යැයි වහසි බස් දොඩන බවට ද විදර්ශන කන්නංගර චෝදනා කළේය.

අනාගතයේ රට ගොඩනැඟීමට බලය ඉල්ලන ප්‍රගතිශීලි යැයි කියන බලවේගවලට දූෂිත ව්‍යාපාරික වළල්ල සමග පවතින සබඳතා ඉදිරියේදී තවත් හෙළිදරව් වන බව ද හෙතෙම කීවේ ජන අරගල ව්‍යාපාරයේ හමුකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *