අනුරට තියෙන්නේ භයානක කිලිටි අතීතයක්…! ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු හරිනි..!

February 29, 2024 at 12:23 pm | by emanisa.lk

අනුර කුමාර දිසානායකට භයානක, කිලිටි අතීතයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන හෙයින් ඇය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු යැයි ද ඇය සඳහන් කළාය.

ඊයේ (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.

“ජාතික ජන බල­වේ­ගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුත්තේ හරිනි අමරසූරිය. අනුර කුමාර දිසානායකට භායානක, කිලිටි අතීතයක් තිබෙනවා.

හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගත කරන යෝජනාව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා.

ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් හරිනි අමරසූරියට පුළුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්කුමක් තිබෙනවා නම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න
හරිනි අමරසුරියට පුළුවන්.

ගණිකා වෘත්තිය නීතිගත කරන බව සමගි ජන බලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉඳගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුළුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවවලට අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළකි තිබෙන දැක්මක් තිබෙන තැනක් කාන්තාවන් තෝරාගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *