අනුරගේ බැංකු පොලුකාරයින්ගේ ලැයිස්තුවෙන් යාළුවෝ දෙන්නා හැළිලා…!

September 10, 2023 at 1:41 pm | by emanisa.lk

මේ වන විට රට ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ද බංකොලොත් වී ඇතැයි නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි.

ජනතාව සහ වෘත්තිකයින් නිසි ලෙස බදු ගෙව්ව ද ව්‍යාපාරිකයින් නිසි ලෙස සිය බදු මුදල් ගෙවන්නේ ද යන්න ගැටලුවක් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී සුවිශේෂ කතාවක් කළ බව ප්‍රකාශ කළ ලක්තිලක, එහිදී රාජ්‍ය බැංකුවලට විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැරි පිරිසගේ ලැයිස්තුවක් සභාගත කළ බව ද සඳහන් කරයි.

කෙසේ වුව ද රාජ්‍ය බැංකු සඳහා විශාල ණය මුදලක් ගෙවීම පැහැර හැර ඇති අමාත්‍ය ටිරාන් අලස්ගේ සහ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නම් එම ලැයිස්තුවෙන් හැලී ඇතැයි ශිරාල් ලක්තිලක ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *