පසුගිය ජනාධිපතිවරණයේ දී සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන රු. කෝටි 10ක් අනුර දිසානායකට දුන් බව ජන අරගල සන්ධානයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි.
ඒ ගනුදෙනු පිළිබඳ කළ දුරකතන චැට් තමා සතු බවත් ඒවා බොරු නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු සඳහන් කරයි.
ඩඩ්ලි සිරිසේන හොරා කෑ ධනය මෙලෙස රටේ ජනාධිපතිවරුන් පත් කිරීමට විසි කරන බවයි, ඉන්ද්‍රානන්ද ද සිල්වා සඳහන් කළේ. රත්න සහල් අධිපති සජිත් ප්‍රේමදාසට කෝටි 50ක් ලබා දුන් බව ද ඔහු අනාවරණය කරයි.
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්ව මාසයක් ගිය ද කෙඳිරියක් පවා නොමැති බවත් ගත් සල්ලි නිසා කට ඇරිය නොහැකි බවත් ඔහු ප්‍රකාශ කරයි.
ජන අරගල සන්ධානයේ ගම්පොළ ජනහමුව අමතමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා මේ බව කීය.