අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු වන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස පවසයි. පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු දැන් පොලිසියට බලපෑම් කරමින් සිටින අතර බලහත්කාරයෙන් රජයක් හදන බවත් එහිදී ගනුදෙනු බේරා ගන්නා බවත් පවසමින් සිටින්නේ යැයි ද පියතිස්ස චෝදනා කරයි.
පාන්දර තුනට විතර ගෙදරට හොරෙක් ආවොත් කතා කරන්නේ කාටදැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ෆොන්සේකාගෙන් විමසා සිටින බව කී නිමල් පියතිස්ස, කවුරු බයිලා ගැහුවත් පොලිසිය එක දවසක් වර්ජනය කළොත් මුළු රටම හාන්සි බව ද සඳහන් කළේය.
පොලිස් නිලධාරියෙක්ගේ වටිනාකම පුරවැසියන් තේරුම් ගත යුතු අතර ඒ නිසා මුළු රටේ ම පොලිස් නිලධාරීන් ආරක්ෂා කළ යුතුයැයි ද ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු යැයි ද නිමල් පියතිස්ස අවධාරණය කළේය.