යාපනය නගරයේ සිට එල්ටීටීඊ සංවිධානය ප්රවර්ධනය සඳහා වෙබ් අඩවියක් සහ යූ ටියුබ් නාළිකාවක් පවත්වා ගෙන ගිය දෙමළ ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන ඇත.
අද (29) උදෑසන ත්රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඔවුන් ඒ සඳහා භාවිත කළ ලැප්ටොප් 05ක් සහ තවත් පරිගණක යන්ත්ර 05 ක් ඇතුළු තවත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනා වැඩිදුර පරීක්ෂන සඳහා කොළඹට රැගෙන විත් ඇතැයි වාර්තා වෙයි.