අනවසරයෙන් බුදු පිළිම තැබූ කස්සප හිමි යදමින් බැඳ උසාවියට…!

November 16, 2026 at 6:56 pm | by emanisa.lk

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සඳහා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අද (16) ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්.සම්සුදීන් ඉදිරියට කස්සප හිමි ඉදිරිපත් කළ අවස්ථාවේ, උන්වහන්සේ වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර, කස්සප හිමියන් එහිදී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් තනිව කරුණු දකවා ඇත.

එහිදී කස්සප හිමි ප්‍රකාශ කර ඇත්තේ, බුද්ධ ශාසනය රැකීම එහි චිරස්තතිය ආරක්ෂා කිරීම රජයේ හා භික්ෂුන් වහන්සේලාගේ වගකීම බවත්, තමා ඒ වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම විශ්ව නීතියට අනුව සාධාරණ බවය.

කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරයා එහිදී කියා සිටියේ, අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් කස්සප හිමි හෙට (16) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෙට නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *