අධි සුඛෝපභෝගී වාහන මේ රටට උවමනා නෑ…! – මෛත්‍රී…

May 24, 2023 at 9:04 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතර කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කළේය.

“මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩි කිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට.

අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳට ම ඇති. ඒ නිසා අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක්වත් මේ රට ගෙනියන්න. මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි, අධිසුඛෝපභෝගී වාහන.”

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ, මුදල් අමාත්‍යාංශය යටතේ බදු රෙගුලාසි පනත් කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස