අධි වියදම්කාරී ප්‍රභූ ආරක්ෂාව අවසන්… ආරක්ෂකයන් 2000ක් සාමාන්‍ය රාජකාරියට…!

September 29, 2024 at 10:40 am | by emanisa.lk

දැනට සේවයේ යෙදී සිටින දෙදහසකට ආසන්න ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට යෙදවීමට නව රජය තීන්දු කරයි.

ඇතැම් හිටපු මැති ඇමැති ඇමැතිවරුන්ට ලබාදුන් ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබේ. කෙසේ වෙතත් යම් තර්ජනයක් ඇති ප්‍රභූ පිරිස් සම්බන්ධයෙන් ලබා දෙන ආරක්ෂාව ද එලෙසම ලබාදීමට තීරණය කර ඇත.

ඉදිරියේ දී මැති ඇමැතිවරුන් සඳහා අසීමිත ලෙස ප්‍රභූ ආරක්ෂාව යෙදවීම නවතා දැමීමට නව රජය තීරණය කර ඇත. එහෙත් ආගමික නායකයන්, අගවිනිසුරුතුමා ප්‍රමුඛ සෙසු විනිසුරුවරුන් සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, තානාපතිවරුන් සහ විදෙස් දූත පිරිස්වල ආරක්ෂාව එලෙසින් තැබීමට තීරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *