අධිවේගී මාර්ගවලත් රුපියල් මිලියන 380ක් දෙවරක් ගෙවලා…!

May 21, 2026 at 10:37 am | by emanisa.lk

මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ පිවිසුම් සහ පිටවීම්වලදී පැහැදිලි මූල්‍ය කාන්දුවක් සිදුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පිළිගෙන තිබේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

විගණන වාර්තාවලට අනුව, අධිවේගී මාර්ගවලට ඇතුළු වූ වාහන සංඛ්‍යාව සහ පිටවීමේදී ගෙවීම් සිදු කළ වාහන සංඛ්‍යාව අතර රුපියල් මිලියන 4614ක දැවැන්ත පරතරයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

මීට අමතරව, රුපියල් මිලියන 380ක මුදලක් දෙවරක් ගෙවීම සිදුවී ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.

පිටවීම් දොරටුවල ප්‍රමාණවත් තරම් මුදල් අයකැමිවරුන් නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල වාහන ඇතුළු වුවද පිටවීමේදී ගෙවීම් නිසි පරිදි සිදු නොවීම, විවිධ උපක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචා මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති ප්‍රධාන කරුණු වශයෛන් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම මූල්‍ය කාන්දුවීම් අවම කර ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටින බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉදිරි විගණන කටයුතු ඔස්සේ මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක වැඩි දුරටත් ප්‍රකාශ කෙළ්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *