අධිවේගී බස් ගාස්තුව පහළට…! ගාල්ල – මාකුඹුරු රු. 930යි..!

January 5, 2023 at 9:51 am | by emanisa.lk

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු සියයට10කින් ගාස්තු අඩුකර තිබේ.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

එ් අනුව ගාල්ල මාකුඹුරු අධිවේගී බස් ගාස්තුව රු. 930ක් වන අතර මාතර මාකුඹුරු රු. 1170කි. කඩුවෙල මාතර 1260ක් වන අතර කොළඹ කතරගම 2270කි.

මෙම ගාස්තු සංශෝධනය ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *