අධිවේගයෙන් අවුරුදු දා මිලියන 35ක ආදායමක්..!

April 16, 2023 at 5:39 pm | by emanisa.lk

සිංහල හින්දු අලුත් අවුරුදු දිනය තුළ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 35කට ආසන්න වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස් වීරකෝන් පැවසුවේ ඊයේ (15) මධ්‍යම රාත්‍රී 12 දක්වා වූ පැය 24ක කාලය තුළ අධිවේගි මාර්ගවලින් පිටවී ඇති රථවාහන සංඛ්‍යාව 126,760ක් වන බවය.

ඒ අනුව, එම කාලය තුළ උපයා ඇති ආදායම රුපියල් 34,974,100ක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

සාමාන්‍ය දිනවල රථ වාහන 90,000ක් පමණ අධිවේගී මාර්ග භාවිත කරන අතර දෛනික ආදායම රුපියල් මිලියන 25ක් පමණ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස