අධිකරණ නියෝග නොතකමින් වර්ජනයේ නිරත වන කඩාකප්පල්කාරයින් වහා ම අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
අධිකරණය ලබා දෙන තීන්දුවට රටේ ජනාධිපතිවරයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියලු දෙනා අවනත විය යුතු බව හෙතෙම අවධාරණය කරයි.
ඇමැතිවරයා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය කණ්ඩායම් ගන්නා වර්ජන ක්‍රියාමාර්ග ජන ජීවිතයට විශාල ලෙස බාධාකාරී නිසා බවය.
අසරණ රෝගීන් පලිහක් විදිහට යොදා ගෙන සිදුකරන මෙම දාමරික ක්‍රියාදාමය නතර නොකරන්නේ නම් ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත යුතු බවයි, ඇමැති චන්ද්‍රසේන වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති අද අට වන දිනටත් වර්ජනයෙහි නිරත වන අතර රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.