අධිකරණ ඇමති වහාම තීන්දුව දෙයි… ලක්මාලි අධිකරණයට අපහාස කර නෑ…!

October 20, 2025 at 2:16 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතක දී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා නොසලකන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

“ඇය පැවසූ දේ අධිකරණයට අපහාසයක් යැයි මම හිතන්නේ නැහැ. ඇය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත් වූ බවට මම විශ්වාස කරන්නේ නැහැ. එය පරිපාලන සාකච්ඡාවක්.”

කොළඹ පැවති පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචන එල්ලවීමත් සමග අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූයේ, නාරාහේන්පිට පිහිටි ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා වූ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකරන ලෙස මන්ත්‍රීවරිය එම රැස්වීමේදී නිලධාරීන්ට දැනුම් දුන් බව ප්‍රකාශ කිරීමත් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *