නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පැහැදිලිවම දේශපාලන ව්‍යාපෘතියක් බවත් අගමැතිනිය ගමින් ගමට යමින් ඒ ගැන ප්‍රකාශ නිකුත් කරමින් ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කරයි.
එම ප්‍රතිසංස්කරණ පිළිබඳ කිසිදු ලේඛනයක් හෝ එම ප්‍රතිසංස්කරණ සැලසුම් කළ අය කවුද යන්න හෝ ආණ්ඩුවට හෙළිකළ නොහැකි වී ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.
ටියුෂන් ගුරුවරුන් ගෙන්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කරන බවත් රටේ දරුවන් පරීක්ෂණාගාර ගෙම්බන් බවට පත්කිරීමට ආණ්ඩුව සැරසෙන බවත් චාරුදත්ත ඉලංගසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.