අධ්‍යාපනයට තටු දෙන්න ආ ආණ්ඩුව අධ්‍යාපනයේ තටු ගලවා හම ගහනවා…! – FUTA…

September 2, 2025 at 1:32 pm | by Namal

ආණ්ඩුව සමග වසරක් තිස්සේ විශ්වවිද්‍යාල මුහුණ දෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට උත්සාහ කළ ද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය පවසයි.

එහි ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පෙන්වා දෙන්නේ අධ්‍යාපනයට තටු දෙන ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අර්බුද ඔස්සේ අධ්‍යාපනයේ තටු ගලවා හම ගසමින් ඇති බවයි.

මේ වන විට විශ්වවිද්‍යාල ආචාර්ය හිඟය දැඩි ලෙස උග්‍ර වී ඇති බවත් පසුගිය මාස කිහිපයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් 150කට අධික ආචාර්යවරුන් ප්‍රමාණයක් ඉල්ලා අස්ව ගොස් ඇති බව ද චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කරයි.

සාකච්ඡාවලින් මෙම ගැටලු සඳහා විසඳුම් ලබාගත නොහැකි නම් විරෝධතා වර්ජන ඔස්සේ අරගල කිරීමට සූදානම් බවට ද ඔහු අනතුරු අඟවයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් චාරුදත්ත ඉලංගසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *