අද සිට දිනපතා විදුලිය කපනවා..! ඒ මණ්ඩලේ ක්‍රමේට නෙමෙයි අපේ ක්‍රමේට…! – මහජන උපයෝගීතා කොමිසම..

February 15, 2022 at 10:21 am | by emanisa.lk

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

විදුලි කප්පාදුව කෙරෙන ක්‍රමය සහ කාලසටහන අද (15) පස්වරුවේ දැනුම් දීමට නියමිත බව සභාපතිවරයා පෙන්වා දෙයි.

“ශ්‍රී ලංකාව ඛාණ්ඩ හතරකට බෙදලා A,B,C,D කියලා සම්ප්‍රදානුකූල‍ව මේක කරන්න හදන්නේ. අපි ඒකට කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒකෙන් මහ ජනතාව ගොඩක් අපහසුතාට පත්වෙනවා.

අපි හදන්නේ ධාරිතාව සහ අපිට තිබෙන සම්පත් ඉල්ලුම සැපයුම මත පදනම් වෙලා ඒ අනුව ක්‍රමවේදයකට යන්න. ඒ කින්නේ අපිට ජනනය කරන්න හැකියාව තියෙන්නේ මෙගා වොඩ් 2,000ක් හෝ 2,200ක් වැනි ගාණක් නම් අපිට තියෙන තෙල් ප්‍රමාණය ඒ අනුව තීරණය කරනවා මේ ක්‍රමවේදය වෙන්නේ කොහොමද කියලා.

ගිය සැරේ ව්‍යාපාරික ස්ථානවලට අපි විදුලිය සපයලා තිබුණා. පොදු සේවාවක් කරන ස්ථානවලටත් අපි විදුලි කප්පාදුවක් කළේ නෑ. මේ පාර බලාපොරොත්තු වෙනවා පුද්ගලික ව්‍යාපාර ස්ථානවලට තමන්ගේ ජෙනරේටර්ස් පාවිච්චි කරලා ඒ කාර්යයන් කරගෙන යාමට අවස්ථාව ලබා දෙමින් මහ ජනතාවට අඩුම හිරිහැරයක් සිදුවන ආකාරයට ධාරිතාව මත පදනම් වෙවින් මෙය ක්‍රියාත්මක කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *