ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.
එහෙත් ජනාධිපතිවරයාගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව කී හිටපු අමාත්‍යවරයා, රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත් දිය යුතු යැයි ද ඊට පසු ඕනෑම මැතිවරණයකට යා හැකි යැයි ද කීය.
අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් යැයිද ප්‍රශ්න ගොඩක් තිබුණත් මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බව ද නවීන් දිසානායක අවධාරණය කළේය.
මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2 දක්වා ඉහළට පැමිණ තිබෙන අතර රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ මට්ටමක බව ද හෙතෙම කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී නවීන් දිසානායක මේ බව සඳහන් කළේය.