අදානි සමාගම මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය අත හරී…!

February 13, 2025 at 12:24 pm | by emanisa.lk

ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට ඇමරිකානු ඩොලර් බිලියනයක් අයෝජනය කර දියත් කිරීමට සැලසුම් කළ සුළං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගනු ඇති බව සඳහන්ය.

ඉඩම් නිදහස් කිරීමේදී මතුව ඇති පාරිසරික ගැටළු සහ අධිකරණ නඩුවක්ද මීට බලපා ඇත.

සමාගමේ තීරණය මේ වන විට ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති අතර ඉදිරියටත් ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බව ද සමාගම පවසා තිබේ.

කෙසේ වුව ද අදානි සමාගම හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ මෙතෙක් ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *