අත්අඩංගුවේ සිටි මධූෂ් මරා දැමූ ආණ්ඩුවේ පාතාළයත් අවසන් කළ යුතුයි…! – වසන්ත සමරසිංහ…

July 16, 2024 at 9:36 am | by emanisa.lk

යුක්තිය මෙහෙයුම මේ වන විට අයුක්තියේ මෙහෙයුම බවට පත්ව ඇතැයි ද මිනිසුන් මහ මග මරා දමන තත්ත්වයට රට ඇද වැටී ඇතැයි ද ජාතික ජන බලවේගය පවසයි.

අවි ගත් මිනිසුන් නිරායුධ කරන දේශපාලන විනය සහිත රටක් බිහි කළ යුතු බවයි, එම පක්ෂයේ විධයක මණ්ඩල සභික වසන්ත සමරසිංහ අවධාරණය කළේ.

මේ රටේ පාතාළ දේශපාලනය අලුත් දෙයක් නොවන බවත් හිර කූඩුවේ සිටි මධූෂ් ආයුධ පෙන්වීම සඳහා රැගෙන ගොස් ඝාතනය කළ බවත් ඔහු පෙන්වා දෙයි.

පාතාළය සහ ආණ්ඩුවේ පාතාළය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහිත රටක් ගොඩනැඟිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බව ද වසන්ත සමරසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *