අඩු කළ විදුලි බිල රිවර්ස් කරන සැලසුමක්…!

January 27, 2025 at 9:23 am | by emanisa.lk

මෑතක දී සිදු කරන ලද විදුලි බිල පහත දැමීම යළි සමාලෝචනය කිරීම සඳහා රජය සූදානම් වෙමින් ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

එහි සභාපති ආර්.එම්. අතුල කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සන්තර්පණය කිරීම සඳහා මෙම පියවර ගනිමින් ඇති බවයි.

විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරී, අමාත්‍යංශය ලේකම්, මුදල් අමාත්‍යාංශය හා අමාත්‍යවරයා යන සියලු දෙනාම ඒ සඳහා එක්ව බවත් හෙතෙම කියා සිටී.

විදුලි බල මණ්ඩලය පාර්ලිමේන්තුව වරප්‍රසාද කමිටුවට කැඳවිය යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට කර ඇති බව ද ඔහු තව දුරටත් හෙළි කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ආර්.එම්. අතුල මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *