අටපිරිකර බෙදා ගන්න බැරිව පන්සලේ පිහි ඇනුමක්…! නායක හිමි අත්අඩංගුවට…හිමි නමක් රෝහලට…!

September 14, 2022 at 9:21 am | by emanisa.lk

පිළියන්දල කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරයේ විහාරාධිපති හිමියන් හා එම විහාරස්ථානයේ වැඩවාසය කරන හිමිනමක් වෙත පිහියකින් ඇන තුවාල සිදුකර තිබේ.

අටපිරිකරක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් මෙම භික්ෂූන් දෙන ම අතර ගැටුම හට ගෙන ඇති බව අනාවරණය වී ඇත.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් අනතුරුව එම ස්ථානය වෙත පැමිණි පිලියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූ හිමිනම මේ වන විට කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පිළියන්දල පොලිස්ථානය විසින් සිදු කරනු ලබන අතර සැකකාර හිමිනම කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *