අගමැතිනි ඇමති රුවට මුද්දර ගැහුවේ නෑ.. සැමරුම් තිළිණයක් දුන්නා විතරයි…! – තැපැල්පති..

October 10, 2024 at 2:46 pm | by emanisa.lk

අගමැති හරිනි අමරසූරියගේ සහ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බවත් ඔවුන්ට ලබා දුන්නේ සමරු තිළිණ දෙකක් පමණක් බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා අවධාරණය කරයි.

ඊයේ (09) දිනනට යෙදුණු ලෝක තැපැල් දිනයට සමගාමීව අගමැතිවරියගේ හා අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යජාලා තුළ විශාල සංවාදයක් ගොඩනැගී තිබිණි.

“අපි අමාත්‍යවරයාට සහ අග්‍රාමාත්‍යවරියට සැමරුම් තිළිණ දෙකක් දුන්නා. ඒක පුද්ගලකාරක එකක්. මෙවැනි සමරු මුද්දර සාමාන්‍යයෙන් අපි දෙපාර්තමේන්තුවට එන කෙනෙක්ට දෙන එකක්.
සාමාන්‍යයෙන් විශේෂ කෙනෙක් ආවාම අපි මේ වගේ සිහිවටනයක් දෙනවා. පන්සලකට ගියාම බුදු පිළිමයක් ලබාදෙනවා වගේ අපේ දෙපාර්තමේන්තුවට පැමිණෙන විශේෂ කෙනෙක්ට අපි මෙහෙම සැමරුමක් දෙනවා.”

ඊට පිළිතුරු දෙමිනුයි තැපැල්පතිවරයා මේ බව අද (10) මාධ්‍ය වෙත පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *