අගමැතිනියට පිරිමි යාළුවෝ නෑ…. මට ගැහැනු යාළුවෝ නෑ…! – සභානායක….

July 25, 2025 at 11:56 am | by emanisa.lk

අගමැතිනි හරිනි අමරසූරිය කාන්තා පාසලකට ගිය නිසා පිරිමි යහලුවන් නැති බව සභා නායක ඇමැති බිමල් රත්නායක සඳහන් කරයි.

තමන් පිරිමි පාසලකට ගිය නිසා ගැහැණු යහළුවන් නොසිටි බව ද ඔහු කියා සිටියි.

මෙය මෙරට බොහෝ දෙනෙකුට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටළුවක් යයි ද කී ඔහු ඒ හේතුවෙන් ඇති වූ ගැටලු ගණනාවක් තිබෙන බවද ප්‍රකාශ කරයි.

ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගැහැණු පිරිමි පාසල් සම්බන්ධ වෙන් වෙන්න පවත්වාගෙන පාසල් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් ඇමති බිමල් රත්නායක මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *