අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට අසත්‍ය දුරකතන ඇමතුමක් ලබාදුන් පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අද (22) උදෑසන මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේදී CID නිලධාරීන් කළ මෙහෙයුමකින් මොහු අත් අඩංගුවට ගෙන ඇත.
අදාළ දුරකතන ඇමැතුම ලැබීම සමග අකුරණ ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙම පුද්ගලයා 21 හැවිරිදි ඉස්ලාම් මවුලවිවරයෙකි.