වැසිකිළි වා කවුළුවෙන් විසි කළ බෙහෙත් බුද්ධි අංශ අතට…! හොර ලෙඩ ගත් බදියුදීන් නැවතත් CIDයට…!

July 24, 2021 at 9:00 pm | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රිෂාඩ් බදියුදීන් රෝහල්ගතව ඇත්තේ තමන්ට රෝගී තත්ත්වයක් ඇති බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර බව අනාවරණය වී තිබේ.

ඔහු පසුගිය 17 වෙනිදා තමන්ට අසනීප බව පවසා රෝහල්ගතව ඇති අතර එහි දී ගෙවන වට්ටුවක් ඉල්ලා සිටිය ද එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබිණි.

ඊට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ 52 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

කෙසේ වුව ද අසනීප තත්ත්වයට වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ ඔහු පානය නොකර වැසිකිළියේ වා කවුළුවකින් එළියට විසිකර තිබේ. බදියුදීන්ගේ හැසිරීම පිළිබඳ දැඩි අවදානයෙන් සිටි බුද්ධි අංශ නිලධාරීන් මෙම බෙහෙත් අදාළ වාට්ටුව භාර වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන යාමට අවසර ලබා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස