හෙංචයියෙක් රිමාන්ඩ් කළැයි ඇමැති පොලිසියට තග දමයි..! OIC මාරු කරන්නැයි ටවුම මැද යකා නටයි..!

June 26, 2023 at 9:33 am | by emanisa.lk

බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ජල සම්පාදන ඇමැති ජීවන් තොණ්ඩමන් ප්‍රසිද්ධියේ බැණ වැදී තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළ යුතු බවට එහි දී ඇමැතිවරයා තර්ජනය කර තිබේ.

බගවන්තලාව පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බගවන්තලාව නගරය මැද එම නිලධාරීන්ට බැණ තර්ජනය කර පරිභව කර ඇත.

මේ නිසා (24) සවස නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

නූගත් මිනිසුන් ඒ ආකාරයට හැසිරුණ ද පොලිසිය කිසිසේත්ම අධෛර්යට පත් නොවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් කිසිවකුගේ තර්ජන බලපෑම් ඉදිරියේ මාරුකර යැවීමට කටයුතු නොකරන බවත් පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ඉහළ මට්ටමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසූ උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ පොලිසියේ නිලධාරීන්ට තර්ජනය කර පරිභව කරමින් රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිවද විමර්ශනයක් පවත්වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *