හි. සෞඛ්‍ය ඇමැති තමන් රටට ගෙනා බෙහෙත් එපා කියයි..! සිය බෙහෙත් සිංගප්පූරුවෙන් ගේන්නැයි දැනුම් දෙයි..!

February 5, 2024 at 7:49 pm | by emanisa.lk

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් විසින් මෙරටට ගෙන ආ බෙහෙත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් තමන්ට උවමනා බෙහෙත් ගෙන ආ යුතු බව ප්‍රකාශ කොට ඇතැයි ද හෙතෙම අනාවරණය කරයි.

තමන්ට බන්ධනාගාර රෝහලේ සිටිය නොහැකි අතර පෞද්ගලික රෝහලකට මාරු විය යුතු බව ද දැනුම් දී ඇති බවයි, වෛද්‍ය බෙල්ලන මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේ.

පුද්ගලයෙකු බන්ධනාගාරගත කළ විට පළමුව අදාළ බන්ධනාගාර සිරකුටියට යොමු කොට අනතුරුව අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලට යොමු කළ යුතු වුව ද කෙහෙළිය රඹුක්වැල්ල ඍජුව බන්ධනාගාර රෝහලට යොමු කොට ඇති බවට ද ඔහු චෝදනා කළේය.

මෙවැනි කටයුතුවලට සම්බන්ධ වන වෛද්‍යවරුන්ට එරෙහිව පළමුව පියවර ගත යුතු බව ද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *