ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන සමයේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂය හදන අය පාරක් පාරක් ගානේ ඇවිද්ද වන බවට තර්ජනය කළේ යැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
එහෙත් අවසානයේ 2020 මහා මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීමට කිසිදු ලැජ්ජාවක් නැතිව සුකිරි බටිල්ලෙකු ලෙස නෙළුම් මාවතේ පොහොට්ටු මූලස්ථානය වෙත හිටපු ජනාධිපතිවරයා පැමිණි බවයි, ඔහු ප්‍රකාශ කළේ.
එවැනි ඉතිහාසයක් ඇති හිටපු ජනාධිපතිවරයා දැන් නැවතත් පොහොට්ටුව අවසන් යැයි වහසි බස් දොඩවන බව ද හිටපු ඇමැතිවරයා කීය.
ජනාධිපතිකම අහිමි වූ මෛත්‍රීපාල සිරිසේනට, ලෙල්ල ඉවත් කළ ඇම්බුන් ගෙඩියකට මෙන් සියලු දෙනා කොටන බව ද රෝහිත අබේගුණර්ධන සඳහන් කරයි.