හැමදාම ආණ්ඩුව බේරාගත් දෙමළ සන්ධානය ජවිපෙ විශ්වාසභංගයට සහාය විය යුතුයි! – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

July 9, 2019 at 1:33 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානය සහාය දැක්විය යුතු බවත් කිසිදු ආකාරයේ සහයක් ආණ්ඩුවට නොදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ආණ්ඩුවට එරෙහි සෑම ක්‍රියා මාර්ගයකින්ම ආණ්ඩුව බේරාගත් බලවේගය දෙමළ ජාතික සන්ධානය බවත් එතුළින් හෝ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සොයාදීමට එම සන්ධානය අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

යාපනයේ පිහිටි සිය නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ අදහස් පළ කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස