හර්ෂ මහ බැංකුවේ දළ බිඳියි.. නැංවූ වැටුප නවතයි..!

March 20, 2024 at 11:56 am | by emanisa.lk

මහ බැංකු සේවක වැටුප් නැංවීම කල් දමන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට දැනුම් දෙයි.

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන ලෙස එම කාරක සභාව අද (20) නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙම නිර්දේශය එම වාර්තාවේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *