හර්ෂට එරාන්ට කබීර්ට කයිවාරු මිස වැඩ බෑ…! ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් රනිල්ට විතරයි…! – රාජිත…

November 8, 2022 at 8:56 am | by emanisa.lk

සජබ ආර්ථික විශේෂඥයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් වර්තමානයේ ආර්ථිකයට තමන්ට විසඳුම් ලබා දිය නොහැකි බව පිළිගත්තේ යැයි එම පක්ෂ මන්ත්‍රී, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

මේ අවස්ථාවේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳිය හැකි එක ම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

එම අර්බුදය පිළිබඳ අදහස් දැක්වීමේ දී ආර්ථික විශේෂඥයින් ලෙස අදහස් දක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම සඳහන් කරයි.

දැන් දැන් වේදිකාවලට නැඟ තමන්ට එම අර්බුදය විසඳිය හැකි යැයි සමහරු පාරම් බෑව ද පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමක දී ඒ පිළිබඳ තමන් ඍජුව ප්‍රශ්න කළ විට එම සියලු දෙනා තමන්ට ඒ සඳහා විසඳුම් නොමැති බව පිළිගත්තේ යැයි රාජිත සේනාරත්න වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *