හරක් කටාගේ කුමන්ත්‍රණයේ 02ක් අත්අඩංගුවට…! සුපිරි රියත් අල්ලයි..!

September 23, 2023 at 9:08 am | by emanisa.lk

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුමට උදව් කළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැලසුම අසාර්ථක වූ අවස්ථාවේදී පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගොස් ඇත්තේ මොවුන් දෙදෙනා විසිනි. එදින කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

ඉකුත් 10 වැනි දින හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වු අවස්ථාවේදී පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී ඇත.

එම පිරිසට නින්ද ගිය පසු උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කර ඇති අතර හරක් කටා විශේෂ කාර්ය බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා සෙසු නිලධාරීන්ගේ ද සහයෙන් එය වළක්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *