හමුදාවේ තුවක්කුවක් හොරකම් කරලා…! මාලඹේ සීලරතන හිමි අත්අඩංගුවට..!

March 9, 2023 at 11:19 am | by emanisa.lk

මාලබේ සීලරතන හිමි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධ මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටිය දී සිලරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇත. සීලරතන හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලු මුවදොර අරගල භූමියෙහි උපවාසයක නිරත වූ භික්ෂූන් වහන්සේ නමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *