සෞදියෙන් ඩොලර් බිලියන 05ක තෙල් ණයක්…!

September 7, 2022 at 6:11 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සෞදි අරාබියෙන් වසර 05ක් සඳහා ණය පදනම මත ඩොලර් බිලියන 05ක ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇති අතර මෙය දෙරට අතර ගනුදෙනුවක් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ද එහි දී ඉල්ලා තිබේ.

ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස එය යෝජනා කර තිබේ.

මීට අමතරව පොහොර නිෂ්පාදනය, ඉන්ධන ගබඩා කිරීම සහ බෙදාහැරීම, තෙල් පිරිපහදු කිරීම, ඛනිජ කැනීම් සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ඉදිරිපත් වන ලෙස එරට ආයෝජකයින්ට ද ආරාධනා කර තිබේ.

සෞදි අරාබි නියෝජ්‍ය විදේශ අමාත්‍ය වලීඩ් අල් කුරයිජි සමග මෙම සාකච්ඡාව සිදුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *