සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ගෝපදේශ නොතකයි…! පෞද්ගලික රෝහල්වල පී.සී.ආර්. මගඩිය දිගට ම….!

May 28, 2021 at 8:09 am | by emanisa.lk

වෛද්‍ය නිර්දේශයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ නොකරන ලෙසත් වාහනයේ සිටිමින් (Drive-Through) සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වහා ම අත්හිටුවන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ බොහෝ පෞද්ගලික රෝහල් කඩ කරන බව වාර්තා වෙයි.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා අවසර ලබා දී ඇති බොහෝ පෞද්ගලික රෝහල්වලින් වෛද්‍ය පරීක්ෂාවකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර නිර්දේශ පත්‍රිකා පමණක් වෛද්‍යවරයකුගේ අත්සන සහිතව නිකුත් කරනු ලබයි.

මෙලෙස සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා නැවත වතාවක් අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වන බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනයේ සභාපති වෛද්‍ය ලකිත පීරිස් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *