සෞඛ්‍ය අංශ අනුමැතිය ලද වහා පාසල් අරඹන්න සූදානම්…! – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්…

September 6, 2021 at 10:49 am | by emanisa.lk

සෞඛ්‍ය අංශවලින් කොළ එළිය දැල්වුණු වහා ම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ සාකච්ඡාවෙන් පසු පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සැලැස්මක් අධ්‍යාපන ඇමැතිවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා, කොරෝනා වසංගතය පවතිද්දී පසුගිය කාලයේදී පාසල් විවෘත කිරීමට යොදාගත් ක්‍රමවේදය ද මේ දිනවල සමාලෝචනය කරන බවත් පැවසුවේය.

ගුරුවරුන්ගෙන් සියයට 88 කට පමණ කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් කර ඇති බවත් කෑගල්ල, අම්පාර, පුත්තලම, වව්නියාව යන ප්‍රදේශවල ගුරුවරුන්ට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවත් මහාචාර්ය කපිල පෙරේරා වැඩි දුරටත් කීවේය.

පසුගියදා මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළේ, කොවිඩ් පැතිර ගිය බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල පාසල් විවෘතව පවතින බවත් ශ්‍රී ලංකාව ද ඇතුළුව පාසල් වසා දමා ඇත්තේ රටවල් 15ක් පමණක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *