සෞඛ්‍ය අමාත්‍ය ධූරය සඳහා පොරයක්…! විපක්ෂයේ දෙදෙනෙක් ඉදිරියෙන්..!

July 23, 2023 at 9:00 am | by emanisa.lk

ළඟදීම සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වෙනසක් වීමට ඉඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචි පැතිර යාමත් සමඟ සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීමට දේශපාලන පොරයක් හටගෙන ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයකු බව කියන ආචාර්යවරයකු ද විපක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ද දැනටමත් නිල නොවන මට්ටමින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි සඳහන්ය.

මේ දෙදෙනාම කලින් පැවති ආණ්ඩුවල සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම් දැරුවෝ වෙති. කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය මේ දෙදෙනාගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

එසේ වුවත් මැතිසබයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය තනතුරක් දරන මන්ත්‍රිනියකට සෞඛ්‍ය අංශයේ අධීක්ෂණ වගකීමක් පැවරීම සම්බන්ධයෙන් සූදානමක් ඇතැයි දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *