සුරයක බහා වික්‍රමසිංහගේ ඉණේ බැඳිය යුතු ජවිපෙ කුහක එහෙයියන්ට නිරෝෂන් ප්‍රේමරත්නගෙන් සැර පිළිතුරක්!

February 10, 2019 at 11:09 am | by admin

ජනතා විමුක්ති පෙරමුණ මේ තරමටම දුෂ්ඨ යැයි මා දැන සිටියේ නැත. එහෙත් තුන් වෙනි පන්තියේ නියෝජනය කොයි තරම් යථාර්ථවදී විය යුතුද? ජවිපෙ අනුර අයියාගේ සිට මට පහරදෙන මාර අවංක අනුර කුමාර මැතිතුමාගේ මාර සහෝදරවරුන් වෙත ලියා තබමි.

වර්තමාන ජනතා විමුක්ති පෙරමුනේ පහල සාමාජිකයා කොයි තරම් මෝඩ කොයි තරම් කුහක කොයි තරම් අන්ද දැයි පෙනෙන්නේ මට එල්ල කරන ප්‍රහාරයේ තරම පෙනෙද්දීය. මේ තරම් අසික්කිත මේ තරම් ලාමක සාමාජිකයින් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරිකොත පිළිකන්නේ නොව, සාමජිකයන් සියල්ලන්ම සුරයක බහා වික්‍රමසිංහ මහතගේ ඉනේ ගැට නොගැසුවොත් පුදුමය.

ජවිපෙ සිටී බුද්ධිමත් සාමාජිකයා වෙනුවට දැන් ඉන්නෙ කිසිදු විචාර්ශීලී බාවයක් නැති අන්දයින් පිරිසකි. ඔවුන්ගේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබෙන්නේ අමුඩ ගසාගෙන මඩ ගැසීමය. බුකියේ මට පහරදෙන ජවිපේ අන්ධ අනුරකුමාර අනුගාමිකයිනි. මහාචාර්ය ආචාර්ය වරුන් සේ බුකිය පුරා මට එරෙහිව අවලාද නගන ආදරනීය ජවිපේ සහෝදරයන්ට කියන්නට තිබෙන්නේ මම ලාමක ඔබලාගේ මාර දර්ශනයෙට අනුකම්පා කරන බව පමණකි.

මම තලවතුගොඩ ආරම්බ කළ ව්‍යාපාරය මම නම් ආරම්ඵ කළේ කු‍ළියට ගත් ගොඩනැගිල්ලකය. මම තලවතුගොඩ ආරම්භ කළ ව්‍යාපාරයේ දිග පලල කීවේ මම නොව නුඹලාය. පර්චසයක වටිනාකම මිලියන 2.2 වන බවත් පර්චස් 40ක් මිල දී ගෙන මහා බිල්ඩිමක් සාදා එම ආරම්භ කළ ව්‍යාපාරයේ සම්පූර්ණ වියදම කෝටි 8 ක් ලෙස හැදුවේ නුඹලාය.

අනේ ජවිපේ උඹලා වැනි මෝඩයින් රැලක්. මම ලංකා බැංකුවට ලෝන් එක ගෙවන්නේ මම බැංකුවෙන් ගත් ණය මුදලට මිස ආදරණීය නුබලාගේ අනුර අයියා ඔබට හදා දුන් ගණන්වල වටිනාකමට නොවේ.

ලැම්බෝගිනි රත්තරන් අශ්වයන් ගැන කියා රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නට උඹලාට කණ වැල ඇල්ලූ අනුර අයියාට එක දෙයක් ලියා තබමි.

ආදරණීය අනුර අයියේ මගේ උත්සාහවන්තකම මාගේ අධිෂ්ඨානය ගැන මා ගැන පුද්ගලිකව දන්නා ජවිපේ මිතුරන් සිටි. ඔවුන් මා කවුරුන්දැයි හොදින් දනී. ඔබගේ පට්ටපල් කෙබර නරිවාදන් දැන් ජවිපේ සාමාජිකයන් සෑහෙන කාලයක සිට අසා සිටින නිසා ඔවුන් අමු ගොබ්බයින් පිරිසක් වී සිටී. පුළුවන් නම් ඔබේ සාමාජිකයන්ට මගේ ජීවිත කතාව අහන්න ඉඩ සලස්වන්න. ඔවුන් කුහකයින් පිරිසක් නොවී ජීවිතය ගැන ධනාත්මකව හිතන්න ඔබේ සාමාජිකයින්ට ඒක අත් වැලක් වේවි.

ජීවිතයේ අමාරුම කාලය අවසන් කොට මා දැන් බොහෝ කලක් ගෙවී ගොස්‍ ඇත. එක දිගට වේල් හතර නොකා හාමතේ සිටි කාලයේවත් අපේ අම්මා හොරකම් කරන්න අපේ පවුලේ කාටවත් උගන්වා නැත. හැබයි ඔබලාගේ අමාරුම කාලයේ ඔබලා අපේ ගමේම අපිටත් වඩා එකල දුප්පත් පැල්පත්වල පවා බත් මුට්ටිය ද උස්සාගෙන දිව්වේය. ඔබලා කළ හොරකම් ලියන්නට ගියොත් ජවිපේ අප්පිරියම වෙන නිසා නොලියමි.

මම සොබාදහම අසීමිතව විශ්වාස කරන්නෙකි. මට නැගූ අවලාද ඔබ පසුපසම ස්ථිරවම පැමිණෙනු නියතයි. මා කිසිදාක හොරකමක් වංචාවක් සිදුකොට නැත. මගේ අවංකකමට කවදාවත් කෝටි ගණන්වලින් ඔබ අගය කිරීමක් නොකරන බව ද මා දනිමි. මා කවුරුන්දැයි භාාවිතාවෙන් ඔප්පු කරම්.

FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *