සිරිකොත බංකොලොත්! සේවකයන්ට පඩිත් නෑ! නායකයෝ ආ ගිය අතක් නෑ!

November 12, 2020 at 9:00 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ පිහිටි සිරිකොත නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි සේවය කරන කාර්ය මණ්ඩලයට පසුගිය මස ගෙවා ඇත්තේ වැටුපෙන් අඩක් වන අතර සුළු සේවක කාර්ය මණ්ඩලයට මාස කිහිපයකින් කිසිදු වැටුපක් ගෙවා නොමැති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සිරිකොතේ සියලුම දුරකථන මේ වන විට විසන්ධි කොට තිබෙන අතර පැමිණෙන ඇමතුම් පමණක් ක්‍රියාත්මක වේ.

මීට පෙර සිරිකොත නඩත්තු කටයුතු සඳහා මුදල් වියදම් කරනු ලැබුවේ හිටපු අමාත්‍යවරයකු වන දයා ගමගේ විසිනි.

පක්ෂ නායක නායක රනිල් වික්‍රමසිංහ නව නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන හෝ පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් බොහෝ කලකින් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ නැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස